FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්..

2017 ඡන්ද හිමි නාම ලේඛනයේ නම ඇතුළත් නොවන පුද්ගලයින්ට අයදුම්පත් හා අභියාචනා ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය අනිද්දායින් (06) අවසන් වන බව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමීන් අවධාරණය කරයි.

එ අනුව 2017 ඡන්ද හිමි නාම ලේඛනයේ නම ඇතුළත් නොවන පුද්ගලයින්ට ඉදිරියේදී පැවැත්වෙන කිසිඳු මැතිවරණයක දී ඡන්දය භාවිත කිරීමට නොහැකි බව එම කොමීසම පෙන්වා දෙයි.

මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියට පිවිසී සිය ජාතික හැඳුනුම්පත් අංකය සහ තමන් පදිංචි දිස්ත‍්‍රික්කය ඇතුළත් කිරීම මගින් ඡන්ද හිමි ලේඛනයේ නම ඇතුළත්ද යන්න පිළිබඳ පරීක්ෂා කරගත හැකි බව එම කොමීස වැඩි දුරටත් අවධාරණය කර සිටියි.

ඒ සදහා පිවිසෙන්න……

http://www.slelections.gov.lk/web/index.php/si/

(DE සිල්වා)