FAST NEWS

24×7 Around the Globe

20 ගැන බස්නාහිර විවාදය කල් දැමේ..

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ යෝජනාව විවාද ගැනීම අද (04) දෙවන දිනටත් බස්නාහිර පළාත් සභාව කල්දමා ඇති බව වාර්තා වේ.

පළාත් සභා ඡන්දය එකම දිනයකදී පැවැත්වීමට අදාළ මෙම යෝජනාව කල් දැමීමට පක්ෂව ඡන්ද 77 ක් හා විරුද්ධව ජන්ද 05 ක් ප්‍රකාශ වි ඇත.

ඒ අනුව ලබන 11 වනදා එම යෝජනාව විවාදයට ගැනීමට නියමීත බව එම පළාත් සභා ආරංචි මාර්ග මගින් වැඩි දුරටත් වාර්තා වේ.

(DE සිල්වා)