FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට වරාය චයින් මර්චන්ට් වෙත භාර දීම 01 වැනිදා..

ඉකුත් දා අත්සන් කළ ගිවිසුමට ප්‍රකාරව හම්බන්තොට ජාත්‍යන්තර වරාය ලබන ඔක්තෝබර් මස 01 දා චීනයේ චයින් මර්චන්ට් සමාගමට භාරදීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ගිවිසුම ප්‍රකාරව හම්බන්තොට වරායෙන් සියයට 80 ක කොටස් චයිනා මර්චන්ට් සමාගමට ඉතිරි සියයට 20 ශ්‍රී ලංකා වරාය අධිකාරියටද වන සේ වසර 99ක බදු පදනමකට චයිනා මර්චන්ට් සමාගමට වරාය බද්දට දී ඇත.

ගිවිසුම හරහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.16 ක මුදලක් රජයට ලැබීමට නියමිතය.

(DE සිල්වා)