FAST NEWS

24×7 Around the Globe

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩ වර්ජනය කරති..

දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (04) උදෑසන 7.30 ට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළ අතර එය පස්වරු 4.30 දක්වා ක්‍රියාත්මක වෙයි.

යාපනය නගර සභාවට අනුයුක්තව සේවය කරන පළාත් පාලන දෙපාර්තමේන්තුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පස් දෙදෙනකු ස්ථාන මාරු කිරීම, පූර්ව දැනුම්දීමකින් තොරව විනයානුකූල කටයුතු කිරීම ආදී කරුණු කිහිපයක් මුල් කර ගනිමින් එම වර්ජනය සිදු කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගම පවසයි.

(DE සිල්වා)