FAST NEWS

24×7 Around the Globe

  කලහකාරී හෝ අශෝභන වුවහොත් උ.පෙළ ප්‍රතිඵල අවලංගුයි..

උසස්‌ පෙළ විභාගය අවසන් වන අද (04 දා) කලහකාරී ලෙස හෝ අශෝභන අන්දමින් හැසිරෙන සිසුන් හඳුනාගෙන ඔවුන්ගේ ප්‍රතිඵල අවලංගු කිරීමට තීරණය කර තිබේ.

එ අනුව එවැනි සිසුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට අවශ්‍ය උපදෙස්‌ දී ඇතැයි ද බව විභාග දෙපාර්තුමේන්තුව පවසයි.

අද පෙරවරු 8.30 සිට 11.00 දක්‌වා පැවැත්වෙන සාමාන්‍ය පොදු පරීක්‍ෂණ විභාගය සඳහා තුන් ලක්‍ෂයකට අධික අයදුම්කරුවන් පිරිසක්‌ පෙනී සිටින බවත් සවස් වරුවේ තොරතුරු තාක්‍ෂණය විභාගය පැවැත්වෙයි.

උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සැප්තැම්බර් 07 වැනිදා ආරම්භ කරන බව ද විභාග දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් පවසයි.

(DE සිල්වා)