FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප 66 වන සංවත්සර සැමරුම ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සැමරේ..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සර සැමරුම ‘‘ජනබලය හරි අතට’’ යන තේමාව මුල් කරගනිමින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද(03) දින බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වේ.

දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සරය සමරන අද දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඡන්ම දිනය ද යෙදී තිබීම විශේෂත්වයකි.

එසේම විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වන අතර ඒ අනුව අද පෙරවරු 11 සිට බේස්ලයින් මාර්ගයේ ඉන්ද්‍රම් මංසන්ධියේ සිට බොරැල්ල මංසන්ධිය දක්වා වූ මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.