FAST NEWS

24×7 Around the Globe

ජගත් ජයසූරියට එරෙහිව සාක්කි දෙන බව ෆොන්සේකා පවසයි..

හිටපු යුද හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය මහතා අපරාධ සිදු කළ බවට තමා සතුව සාක්කි ඇතැයි ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියයි.

ජයසූරිය මහතා වව්නියාවේ සේනාංකයේ කටයුතු කරද්දී සහ යුද හමුදාපති වූ පසුවත් වැරදි කර ඇතැයි ද, ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගකයකදී තමා සාක්කි ලබා දෙන බව ද ෆොන්සේකා මහතා පැවසීය.