ප්රදේශ රැසකට අත්හිටවූ ජල සැපයුම තවමත් යථා තත්ත්වයට පත් කර නොමැති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
එහි ප්රකාශිකාවක කියා සිටියේ අද(01) දිනය තුළ යළි ජලය සැපයීමට උපරිම උත්සාහ දරන බවයි.
මේ වන විට බවුසරය ඉවත් කර, ගඟට මුසු වූ ඉන්ධන ඉවත් කිරීම ද අවසන් කර ඇති බව ජල සම්පාදන මණ්ඩලය ප්රකාශ කරන ලදි.
+++++++++++++++++++++++++++++++++++++++++++++++
ප්රදේශ රැසකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවයි..
රත්නපුර – හොරණ ප්රධාන මාර්ගයේ කිරිඇල්ල – මඩල ප්රදේශයේදී ඉන්ධන බවුසරයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී එහි ඉන්ධන කළු ගගට මුසුවීම හේතුවෙන් ප්රදේශ රැසකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවා තිබේ.
ජාතික ජල සම්පාදන හා ජල ප්රවාහන මණ්ඩලය සදහන් කළේ ඒ අනුව මොරටුව නගර සභා බල ප්රදේශය, පානදුර, බණ්ඩාරගම, රයිගම, වැල්මිල්ල, හොරණ, කුඹුක, මොරොන්තුඩුව, කිරිබත්තුඩුව, කහතුඩුව, මිල්ලනිය, කැස්බෑව, පිලියන්දල සහ බොරලැස්ගමුව යන ප්රදේශවලට මෙලෙස ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බවයි.
ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සදහන් කළේ කළුගගට මුසුවූ ඉන්ධන ඉවත් කිරීමේ කටයුතු සිදුකරනු බවත්, ජලය පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත්ය.