FAST NEWS

24×7 Around the Globe

අද සිට ජාතික හැඳුනුම්පත වෙනස් වෙයි..

ජාතික හැඳුනුම්පතෙහි සැකැස්ම අද(01) සිට වෙනස් වෙන අතර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවසුවේ යෝජිත ස්මාර්ට් ජාතික හැඳුනුම්පත හඳුන්වා දීමට පෙරහුරුවක් ලෙස මෙම වෙනස සිදු කරන බවයි.

අද සිට නව හැඳුනුම්පත් ඉල්ලුම් කරන පුද්ගලයින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ඡායාරූපයක් තම අයදුම්පත සමගින් ඉදිරිපත් කළ යුතු වන බවත් අදාළ ඡායාරූප ගැනීම සඳහා දිවයිනේ ඡායරූප ශාලා 1700ක් ලියාපදිංචි කර ඇති බවත් එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක පැවැසීය.

ලියාපදිංචි ඡායාරූපශාලා මොනවාදැයි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කර ඇතැයිද ඊට අමතරව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ද එම තොරතුරු ඇතුළත් කර ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණි.