FAST NEWS

24×7 Around the Globe

රත්නාභිමානි රක්ෂණය ජනපති අතින් එළිදැක්වෙයි..

මැණික් කර්මාන්තයේ නියුතු පතල් කැණීම් ශිල්පීන්, මැණික් නිර්මාණ තාක්ෂණ ශිල්පීන් සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය උදෙසා රත්නාභිමානි ජීවිත සුරක්ෂාවරණය සහ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන ලදි.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඒ සදහා ඊයේ(31) පැවති උත්සවයේදී ප්‍රතිලාභීන් 10 දෙනෙකු වෙත ගිවිසුම්පත්‍ර ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා විසින් සිදුවූ බවයි.

ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කළේ අනතුරුව බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ පැවැත්වෙන මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය නැරඹීමට ද ජනාධිපතිවරයා එක්වූ බවයි.