FAST NEWS

24×7 Around the Globe

අද සිට ‍පොලිතින් තහනම්..

ආහාර එතීම සඳහා යොදා ගන්නා ‍පොලිතින් දවටන, ‍පොලිස්ටයරීන් අමුද්‍රව්‍ය ලෙසට යොදා ගනිමින් නිපදවන ආහාර ඇසුරුම් පෙට්ටි, පිඟන් කෝප්ප හා ‍පොලිතින් මලු නිෂ්පාදනය අලෙවිය හා භාවිතය අද (01) සිට තහනම් බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.

මේ අනුව අද දින සිට මෙරට කිසිදු දේශපාලන ආගමික හෝ මොනයම් කාරණයක් සඳහා හෝ සැරසිලි කිරීමට ‍පොලිතින් යොදා ගැනීමත් ,සැකසූ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේදී ඒවා පිරවීම, ඇසුරුම් කිරීම සඳහා ‍පොලිතින් මලු යොදා ගැනීමත් දඬුවම් ලැබිය හැකි වරදක් වේ.

මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කර සිටියේ මෙම තීරණය මාස හතරක පමණ කාලයක සිට ඊට අදාළ සියලු පාර්ශ්වයන් සමග එක්ව සාකච්ඡා කිරීමෙන් පසුව ගනු ලැබූ තීරණයක් බවයි.