FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති කොමීසමේ කාලය මාස 06 කින් දිර්ඝ කිරීමට ඉල්ලයි..

එළඹෙන සැප්තැම්බර් මස 03 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ බරපතළ වංචා දූෂණ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කාලය තවත් මාස 06 කින් දීර්ඝ කරන ලෙස එම කොමිසම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ නියමය පරිදි කොමිසමේ කාලය මාස 06කින් දීර්ඝ වුවහොත් විමර්ශන සිදු නොකොට ඉතිරිව තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සහ ජල සම්පාදන ව්‍යාපෘතියක අක්‍රමිකතාවන් සම්බන්ධ පැමිණිලි දෙක අවසන් කිරීමට හැකි වනු ඇතැයි එම කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම මෙ වන විට පැමිණිලි භාර ගැනීමද නතර කර ඇති බවද එම ආරංචි පවසයි.

සියලුම පරීක්ෂණ කටයුතු අවසන් කළ වාර්තා 17ක් ජනාධිපතිවරයා වෙත මේ වන විට භාරදී තිබෙන බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

(DE සිල්වා)