FAST NEWS

24×7 Around the Globe

සී.අයි.ඩී යේ නව අධ්‍යක්ෂවරයා ගැන තීරණය අද !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා කවුරුන්ද යන තීරණය ජාතික පොලිස් කොමිසමේ තීරණය අද (31) දිනයේ නිකුත් වනු ඇතැයි එම කොමීසමේ ආරංචි මාර්ග පවසයි.

එහි අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සුදත් නාගහමුල්ල මහතා පසුගියදා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමෙන් පසුව එම දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ධුරය පුරප්පාඩු වූයේය.

එ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතාගේ නම පොලිස්පති පුජීත් ජයසුන්දර මහතා විසින් පසුගිය සතියේදී යෝජනා කරනු ලැබීය.

දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු ශානි අබේසේකර මහතාගේ නම රහස් පොලිස් අධ්‍යක්ෂ තනතුරට යෝජනා නොකළේ ඇයි දැයි කොමිසම පොලිස්පති වරයාගෙන් ප්‍රශ්න කර තිබේ.

ශානි අබේසේකර මහතාගේ නම රහස් පොලිසියේ අධ්‍යක්ෂ ධුරයට යෝජනා නොකිරීම ගැන පොලිස් දෙපාර්තමේන්තුව තුළ දැඩි කතා බහකට ලක්ව ඇති අතර, ප්‍රභල දේශපාලනඥයකුගේ බලපෑමක් මත ශානි අබේසේකර මහතාගේ නම කපා දැමුවේදැයි පොලිසියේම පිරිස් ප්‍රශ්න කරන බවද වැඩි දුරටත් වාර්තා වේ.

(DE සිල්වා)