FAST NEWS

24×7 Around the Globe

පහවසර ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව අද සිට..

පහවසර ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව අද (31) සිට සැප්තැම්බර් 05 වැනිදා දක්වා කාලය තුළදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අනුව උත්තර පත්‍ර පරීක්ෂාව ඇගයීම් මණ්ඩල 384ක් යටතේ මධ්‍යස්ථාන 40කදී පැවැත්වෙන අතර උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා ගුරුවරුන් 6,965ක් යොදවා සිටින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පසුගිය 20 වැනිදා පැවැති ශිෂ්‍යත්ව විභාගය සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 356,728ක් පෙනී සිටියහ.