FAST NEWS

24×7 Around the Globe

උතුරු මැද හිටපු සභාපතිගේ පෙත්සම සලකා බැලීමට දින දෙයි..

උතුරු මැද පළාත් සභාවේ සභාපති ධූරයෙන් තමා ඉවත් කිරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා හිටපු සභාපති පී.එම්.ආර්. සිරිපාල මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සැප්තැම්බර් මස 14 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (30) දින නියම කළේය.

පෙත්සමට අදාළ විරෝධතා ඇත්නම් ඒවා සැප්තැම්බර් 14 වන දිනට පෙර ඉදිරිපත් කරන මෙන් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේශල ජයරත්න මහතා ඇතුළු පිරිසට අධිකරණයෙන් නියම කෙරුණී.

පෙත්සම්කරු පවසන්නේ තමන්ව බලහත්කාරයෙන් පළාත් සභා සභාපති ධූරයෙන් ඉවත් කිරීම පළාත් සභා පනතේ විධිවිධානයන්ට පටහැනි බවත්,
මේ හේතුවෙන් එම ඉවත් කිරීමේ නියෝගය අවලංගු කර තමන්ව යළි එම තනතුර සඳහා පත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.

(DE සිල්වා)