FAST NEWS

24×7 Around the Globe

රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර සිද්ධියට 05 ක් රිමාන්ඩ්..

උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර සිද්ධියට අදාළව රිමාන්ඩ් කරනු ලැබ සිටින රසායන විද්‍යා ගුරුවරයා,සිසුවා සහ සිසුවාගේ වෛද්‍ය පියා ඇතුළු සැකකරුවන් පස් දෙනකු ලබන 04 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කළේය.

එම ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කළ බව කියන මුද්‍රණාලයේ මුද්‍රණාලාධිපතිවරයා රුපියල් 5000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට ද අද අධිකරණයෙන් නියෝග කෙරුණි.

(DE සිල්වා)