FAST NEWS

24×7 Around the Globe

රවීට ලොතරැයිය දුන්නෙත් විජේදාස ඉවත් කළෙත් එජාපෙ කීමටයි..

හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණනායක මහතාට ලොතරැයි මණ්ඩල ලබාදීමත්, හිටපු අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත්කිරීමටත් කටයුතු කළේ එක්සත් ජාතික පක්ෂය හා පක්ෂ නායක්ත්වය කළ ඉල්ලීමක් අනුව බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පුවත්පත් කතුවරුන් හා ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර පැවැති හමුවකදී අද (30) ප්‍රකාශ කළේය.

“විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රශ්නය ගත්තොත් එය එක්සත් ජාතික පක්ෂය තුළ ඇතිවු කාරණයක්. සම්මුතිවාදී ආණ්ඩුව තුළ තිබෙන එකඟතාවක් තමයි එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු පත්කිරීම, ඉවත්කිරීම හා විශයන් මාරු කිරීම ඒ අමාත්‍යාංශ වෙන්කරගෙන ඇති ආකාරයට සිදු කිරීම.

රවී කරුණනායක මහතාට ලොතරැයි මණ්ඩල ලබාදීම ගැන ලොකු ප්‍රශ්නයක් තිබුණානේ. එය කළේ පක්ෂයේ නායකයත්වය කරනු ලැබූ ඉල්ලීමක් අනුවයි.”

(DE සිල්වා)