FAST NEWS

24×7 Around the Globe

රුපියල් ලක්ෂ 23 වටිනා නීති විරෝධි ගබ්සා පෙති කටුනායකදී කොටු..

රුපියල් ලක්ෂ 23 වටිනා නිතී විරෝධි ගබ්සා පෙති 16930 ක් තොගයක් සමග ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් සිට කටුනායක ගුවන්තොටුපළෙන් මෙරටට පැමිණි ඉන්දිය ජාතිකයෙක් අද (30) අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

කොළඔ කොටුව සහ මරදාන ප්‍රදේශයේ පිහිටා ඇති තොරාගත් පෞද්ගලික ඔසුසැල් හරහා අධික මිල ගණන් යටතේ මෙම ගබ්සා පෙති තොගය කඩිනමින් අලෙවි කර මෙරටින් පිටවීමට සැකකරු සැලසුම් කර තිබු බව කරන ලද පරික්ෂණයේදි අනාවරණය වු බවද රේගුව පවසයි.

සැකරුට රුපියල් ලක්ෂයක් දඩ නියම කර ගබ්සා පෙති තොගය රාජසන්තක කළ බවද රේගුව පවසයි.

(DE සිල්වා)