FAST NEWS

24×7 Around the Globe

ඒ.එච්.එම්.අස්වර් මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ..

හිටපු අමාත්‍යවරයකු වූ ඒ.එච්.එම්.අස්වර් මහතා ඊයේ (29) අභාවප්‍රාප්ත වු අතර ,එ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (30) සවස 3.00ට දෙහිවල මහ පල්ලියේ සුසාන භූමියේ දී සිදු කෙරේ.

මෙ වන විට එ මහතාගේ දේහය දෙහිවල භාතිය මාවතේ අංක 4 දරණ නිවසේ තැන්පත් කොට තිබේ.

රෝගාතුරව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටි ඒ මහතා මිය යන විට 80 වැනි වියේ පසු විය.

1989 දී ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයකු වශයෙන් මුල්වරට පාර්ලිමේන්තුවට පත් වූ අස්වර් මහතා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති වශයෙන් ද කටයුතු කොට ඇත.

(DE සිල්වා)