FAST NEWS

24×7 Around the Globe

ඒ-9 මාර්ගයේ අනතුරකින් අයෙක් මීය ගොස් 04 කට බරපතලයි..

ඒ-9 මාර්ගයේ වවුනියාව කලුකුණ්නම්මඩු ප්‍රදේශයේදී අද (30) අළුයම ලොරි රථ දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් සිව්දෙනෙකුට බරපතළ තුවාල සිදුවී ඇති බව වාර්තා වේ.‍

කොච්චිකඩේ ප්‍රදේශයේ සිට පැමිණි උළු ලොරියක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කලුකුන්නම්මඩුව මන්සන්ධියේදී ඒ-9 මාර්ගයේ අයිනක නවත්වා පරීක්ෂා කරමින් සිටින අතර තුරදී අනුරාධපුර දෙස සිට වවුනියාව දෙසට ගමන්ගත් භාණ්ඩ ප්‍රවාහන ලොරියක් වේගය පාලනය කරගැනීමට නොහැකිව නවතා තිබූ උළු ලොරියේ ගැටී මෙම අනතුර සිදුව තිබේ.

(DE සිල්වා)