FAST NEWS

24×7 Around the Globe

20 වැනි සංශෝධන පනත වයඹදි ඒකමතිකව සම්මතයි..

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 20 වැනි සංශෝධන පනතට ඊයේ (29 ) වයඹ පළාත් සභාවේ ඒකමතික අනුමැතිය හිමීවිය.

එකම දිනකදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා වූ ප්‍රතිපාදන සැලසෙන මෙම යෝජනාව ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

පළාත් සභාවේ ආණ්‌ඩු පක්‌ෂයේ සහ විපක්‌ෂයේ සියලුම මන්ත්‍රීන්ට එහිදී අදහස්‌ දැක්‌වීමට අවස්‌ථාව හිමිවිය.

වයඹ පළාත් සභා සභාපති ටිකිරි අධිකාරි මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව පෙරවරු 10 සිට පස්‌වරු 3.15 වනතුරු පැවැත්විණි.

(DE සිල්වා)