FAST NEWS

24×7 Around the Globe

අගොස්තු 31 සිට සැප්තැම්බර් 02 වැනිදා තෙක් වැසි..

අගෝස්තු මස 31 දින සිට සැප්තැම්බර් මස 02 වෙනි දින දක්වා දිවයිනේ බොහෝ පළාත් වලට (විශේෂයෙන් ම උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වල) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව වැඩි වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.

එසේම අද (30) දිනයේදී බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බවත් ,ඌව, නැගෙනහිර සහ උතුරු පළාත් වල සවස 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.

හම්බන්තොට සහ මාදුරු-ඔය ප්‍රදේශ වල පැ.කි.මී. 40-50 පමණ තරමක තද සුළං අපෙක්ෂා කළ හැකි බවද එම නිවේදයෙහි දැක්වේ.

(DE සිල්වා)