FAST NEWS

24×7 Around the Globe

කුරුඳුගහහැතැප්ම තැපැල් කාර්යාලයේ ගින්න ගැන අතුරු වාර්තාවක් කැඳවයි..

ඇල්පිටිය – කුරුඳුගහහැතැප්ම තැපැල් ස්ථානාධිපතිනියගේ මරණය සම්බන්ධයෙන් සහ දෙපාර්තමේන්තුවට අයත් ලිපි ලේඛණ ගිනිගෙන විනාශවීම සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව අතුරු වාර්තාවක් කැදවා තිබේ.

තැපැල්පති රෝහණ අබේරත්න සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුලදි විශේෂ නිලධාරින් පිරිසක් එම ස්ථානයට ගොස් ඒ පිලිබදව පරික්ෂණයක් ද සිදු කරන බවත් තැපැල් දෙපාර්තමේන්තුවේ රෙගුලාසිවලට අනුව අදාල උප තැපැල් කාර්යාලය මුද්‍රා තැබීමට පියවර ගත් බවත්ය.

පෙරේදා(29) උදෑසන තැපැල් ස්ථානයේ ඇතිවූ ගින්නකට හසුවී මියගිය ස්ථානාධිපතිනිය අවුරුදු 49 ක් වයසැති දෙදරු මවක් වන අතර වැඩිදුර පරීක්ෂණ සඳහා මියගිය තැපැල් ස්ථානාධිපතිනියගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකරන ලදි.