FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමති අස්වර් අභාවප‍්‍රාප්ත වේ..

හිටපු ඇමතිවරයෙකු වූ අල්හාජ් ඒ.එච්.එම්. අස්වර් මහතා කොළඹ පුද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත වී ඇත.

පසුගිය කාලයේ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ ඔහු මිය යන විට 80 වැනි වියේ පසු විය.

හිටපු අමාත්‍ය අස්වර් අවසන් වරට නියෝජනය කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි.

1950 වසරේ දී ලංකා සමසමාජ පක්ෂයෙන් සිය දේශපාලන ගමන ආරම්භ කළ අස්වර් මහතා පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා වරම් හිමිකර ගෙන ඇත්තේ 1989 වසරේදීය.