FAST NEWS

24×7 Around the Globe

රුපියල් 25,000 ක අල්ලස් ගත් විදුහල්පතිනියට වසර 08 ක සිරබත්..

2009 වර්ෂයේ පළමු වසරට සිසුවෙකු ඇතුළත් කර ගැනීමට තුටු පඩුරක් ලෙසට රුපියල් 25,000 ක මුදලක් අල්ලස් ලෙසට ඉල්ලා සිටීම හා ලබා ගැනීමේ චෝදනාවට නඩු විභාගයකින් පසුව වරදකරු වු පානදුර පාසක හිටපු විදුහල්පතිනියට කොළඹ මහාධිකරණය අද (29) වසර අටක බරපතළ වැඩ සහිත සිර දඩුවම් නියම කළේය.

සිර දඩුවමට හිටපු විදුහල්පතිනියට රුපියල් 5000 ක දඩයක් ද ගෙවීමට මහාධිකරණය අද (29) නියෝග කළේය .

අල්ලස් කොමිෂන් සභාව විත්තිකාරියට එරෙහිව මහාධිකරණයේ මෙම නඩුව පවරා තිබුණි.

(DE සිල්වා)