FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප මැති ඇමතිවරු පස්වරුවේ ජනපති හමුවෙයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් සහ නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර විශේෂ සාකච්ඡාවක් අද (29) පස්වරුවේ ජනාධිපති නිළ නිවසේදී පැවැත්වමීට නියමීත බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සර සැමරුම හා නව දේශීය ආදායම් පනත් කෙටුම්පතේ ඇති අඩුපාඩු සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබදව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමීතව තිබේ.

එමෙන්ම ඉදිරි පළාත් පළාත් පාලන මැතිවරණයට මුහුණ දෙන ආකාරය ද අද (29) දින පැවැත්වෙන සාකච්ඡාවේදි ජනාධිපතිවරයා සමඟ ඇමතිවරුන් සාකච්ඡා කිරීමට නියමීත බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

(DE සිල්වා)