FAST NEWS

24×7 Around the Globe

අගමැති රනිල් එරෙහිව විස්වාසභංගයක් එයි..!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇති බව එම පාර්ශවය නියෝජනය කරන පාර්ලිමේන්තු සමාජිකයෙක් අනාවරණය කර සිටියි.

බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වන තොරතුරු අනුව විශ්වාසභංග යෝජනාව ගෙන එන කාලසීමාව තීරණය වන බවද එම ආරංචි මාර්ග පවසයි.

බැඳුම්කර වංචාව සිදුවන අවස්ථාවේ මහබැංකුව අගමැතිවරයා යටතේ පැවැති හෙයින් ඔහුගේ අනුදැනුම හා ආශීර්වාදය යටතේ මෙම වංචාව සිදුව ඇති බවත් ඒකාබද්ධ විපක්ෂයේ මතය වී ඇති බව පැවසේ.

එ අනුව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට පසුබිම සැකසුණා සේම ඉදිරි මාස දෙක තුළ අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට පසුබිම සැකසෙනු ඇතැයි එම ආරංචි ආරංචි මාර්ග වැඩි දුරටත් පැවසේ.

(DE සිල්වා)