FAST NEWS

24×7 Around the Globe

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද රැස්වෙයි..

සයිටම් ආයතනය අහෝසි කිරීමට අදාළ තීන්දුව රජය ඊයේ(28) දිනයේ ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව තීරණය කිරීමට තම සංගමය අද(29) රැස්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සයිටම් ආයතනය අහෝසි කිරීමට රජය කටයුතු නොකරන නිසා හෙට(30) රාත්‍රියේ විරෝධතා පා ගමන් සංවිධාන කර ඇති බව සයිටම් විරෝධී ජන පවුර පවසයි.