FAST NEWS

24×7 Around the Globe

වෛද්‍යපීඨ ශිෂ්‍ය කමිටුවේ කැඳවුම්කරු යළි රිමාන්ඩ් කෙරේ..

වෛද්‍යපීඨ ශිෂ්‍ය කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මාළිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඔහු අද (28) ඉදිරිපත් කළ අවස්ථාවේදී මේ මස 30 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි.

අධිකරණයේ පෙනී නොසිටි වෛද්‍යපීඨ ශිෂ්‍ය කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ඇතුළු 05 ක් අත්අඩංගුවට ගන්නැයි පසුගිය 10 වන දා වරෙන්තු නිකුත් කර තිබූ අතර සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වීම හා එහි දේපළවලට අලාභ හානි කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනාව විය.

වෛද්‍යපීඨ ශිෂ්‍ය කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මිට පෙර අධිකරණයට භාර වූයේ සිය නීතිඥවරුන් මාර්ගයෙනි.