FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන ) පනත් කෙටුම්පත සම්මත වෙයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන ) පනත් කෙටුම්පත අද (25) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 120 ලැබුණු අතර මන්ත්‍රීවරු 44 ක් මීට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

පනත් කෙටුම්පත කාරකසභා අවස්ථාවේ සළකා බලා තෙවැනිවර කියවා සංශෝධිත ආකාරයෙන් සම්මත වූ බව කතානායක කරූ ජයසූරිය මහතා නිවේදනය කළේ ය.

පනත් කෙටුම්පත දෙවනවර කියැවීමේ විවාදය ඊයේ (24) දවස පුරා පැවැත්විණි.

(DE සිල්වා)