සියලුම එකඟතා කඩකරමින් සයිටම් ආයතනය තවත් ශිෂ්‍යයන් 300ක් බඳවාගැනීමට සැලසුම් සකස් කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා අද (21) කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
සයිටම් ගැටලුවට නිසි විසඳුම් ලබාදෙන තෙක් සිසුන් බඳවා නොගන්නා බවට රජය පවා එකඟතාවලට පැමිණ තිබෙන බවත්, එහෙත් එම එකඟතා කඩකරමින් නෙවිල් ප්‍රනාන්දු මහතා ශිෂ්‍යයන් බඳවාගැනීමට සැලසුම් සකස් කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
මේ අනුව දේශීය ශිෂ්‍යයන් 200ක් සහ විදේශීය ශිෂ්‍යයන් 100ක් බඳවාගැනීමට සැලසුම් සකස් කර තිබෙන බවත් එ මහතා පෙන්වා දුන්නේය.
එනමුත් සයිටම් ආයතනයේ පුහුණුව ලබාදීමට කිසිදු පහසුකමක් නොමැති බවද ඔහු සඳහන් කළේය.
(DE සිල්වා)








