FAST NEWS

24×7 Around the Globe

අන්තර්ජාලය සේවා මත පැනවු බද්ද ඉවත් කෙරේ..

අන්තර්ජාල සේවා මත පනවා තිබූ 10% ක විදුලි සංදේශ බද්ද සැප්තැම්බර් 01 වනදා සිට සම්පූර්ණයෙන් ඉවත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (17) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළේය.

එසේම එංජින් ධාරිතාව සීසී 150ට අඩු මෝටර් බයිසිකල් සඳහා වන ආනයනික බදු මුදල සියයට 90 කින් පහත දැමීමට රජය තීරණය කර  ඇති බවද, එ අනුව  අද(17) මධ්‍යම රාත්‍රියේ සිට මෙම අගයන් අඩු වන බව අමාත්‍යවරයා පැවසීය.

 මීට අමතරව කුඩා ලොරි රථ හා සින්ගල් කැබ්රථ සඳහා පවතින බදු මුදල් රුපියල් ලක්ෂ 3කින් පහත දැමූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

(DE සිල්වා)