FAST NEWS

24×7 Around the Globe

සීනුව අත් හරින බව සමන්ත විද්‍යරත්න කියයි…

ජනතා විමුක්ති පෙරමුණ සිය සලකුණ වූ සීනුව වෙනුවට පොදු ලකුණක් භාවිතා කොට 2020 දී මැතිවරණයට මුහුණ තීන්දු කොට ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ඊයේ (16) හුංගම බටඅත පැවැති ජනහමුවකදී පැවසීය.

2020 දී රටේ රාජ්‍ය බලය ලබා ගැනීම සදහා මේ රට තුළ දැවැන්තම බල වේගයක් ගොඩ නගා ඒ සඳහා සීනුව ලකුණ වෙනස්කොට පොදු ලකුණක් භාවිත කරන බවද හෙතෙම මෙහිදි වැඩිදුරටත් පැවසීය.

‘‘දැන් රට දැඩි ප්‍රපාතයකයි තිබෙන්නේ. මේ රට මේ පාලකයන්ට ගොඩ ගැනීමට නොහැකි බව නැවත නැවත පෙන්නුම් කරමින් යනවා. වසර හැත්තෑවක් පුරා මේ පාලකයො මේ රට විනාශය කරා ගෙන ගියා . මේ රට මේ විධියට තව දුරටත් යා යුතු නෑ. මේ රට ගොඩ නැගිය යුතුව තිබෙනවා. ඒ සදහා අපි මේ වන විට රට ට ආදරේ කරණ විවිධ බුද්ධිමතුන් සමග සංවාදයක නියෙලෙමින් යනවා. අපි ලබන වසර තුළ මේ රටට ආදරය කරන මිනිසුන්ගෙන් සැදුම් ලත් දැවැන්ත බලවේගය ගොඩ නගනවා. ඒ ගොඩ නැගීම තුළින් මේ පාලකයන් වසර 70 පුරා විනාශ කරන ලද රට ගොඩ නගා මේ රටේ තැලෙන පොඩි වෙන ජනතාවට නිදහස් රටක් ගොඩ නගන්නට කටයුතු කරනවා‘‘ යැයිද සමන්ත විද්‍යා රත්න මහතා වැඩිදුරටත් පැවසීය.

(DE සිල්වා)