FAST NEWS

24×7 Around the Globe

ජනපති හා අගමැති ඉල්ලා අස්වීමට නොකී බව විජේදාස කියයි..

ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා තමන්ට අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට පවසා නොමැති බවත්, සාමුහික වගකීම කඩ කිරීම ආදී තමන්ට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සිදුවන්නේ කුමක්දැයි අද (17) දිනයේදී බලාගත හැකි බවද අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහතා මාධ්‍ය වෙත පැවසීය.

තමන්ට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් හෝ අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා සමග කිසිදු සාකච්ඡාවක් නොකළ බවත්, එ අනුව සිදුවන්නේ කුමක්දැයි අද(17) පැහැදිලිව බලාගත හැකි බව හෙතෙම පැවසීය.

එසේම විජේදාස රාජපක්‍ෂ අමාත්‍යවරයාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යධිකාරී මණ්ඩලයේ සහ එක්සත් ජාතික පෙරමුණේ ඒකාබද්ධ හමුවක් අද (17) පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.

එසේම අද(17දා) දිනයේදී විජේදාස අමාත්‍යවරයා සම්බන්ධයෙන් ඉදිරිපත්වී ඇති චෝදනා සම්බන්ධයෙන් සාධාරණ තීරණයක් නොගතහොත් මීළඟ පාර්ලිමේන්තු සැසියේදී විශ්වාසභංගය ඉදිරිපත් කිරීමට එකසත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු තීරණය කර ඇති බවත් වැඩි දුරටත් වාර්තා වේ.

(DE සිල්වා)