FAST NEWS

24×7 Around the Globe

සජින් වාස් යළි රිමාන්ඩ් කීරීමට නියෝග.

ජනාධිපති ලේකම් කාර්යාලයයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ලබන අගෝස්තු 04 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළේය.

අසනීප තත්ත්වයෙන් පසුවන නිසා ඇප දෙන්නැයි ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ඉල්ලූහ.

ඇප ලබා දීමේදී සැලකිලිමත් වන්නේ සැකකරුට ජීවිත අවධානමක් ඇති රෝග තිබෙනවා නම් පමණක් බවත්, වෛද්‍යවාර්තා අනුව සැකකරුට එවැනි රෝග නොමැති බවත් කී මහේස්ත්‍රාත් ඇප දීම ප්‍රතික්ෂේප කළේය.