FAST NEWS

24×7 Around the Globe

මෛත්‍රී – රනිල් – රවී තිදෙනා විශේෂ සාකච්ඡාවක..

මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානක මහතා පමණක් සහභාගි වන විශේෂ රැස්වීමක් පැයක පමණ කාලයක සිට මේ වන විට පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ අතර අද (09දා) කැබිනට් රැස්වීමටද රවි කරුණනායක මහතා එක් නොවූ අතර මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුව  සම්බන්ධයෙන් රවි කරුණනායක මහතාටද චෝදනා එල්ල වී තිබේ.

එසේම ආමත්‍ය රවී කරුණානායක මහතාට සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙසට ආණ්ඩුවේ ඉහළ පෙළේ නියෝජිතයින් පවසා ඇති බවද වාර්තා විය.

( DE සිල්වා)