FAST NEWS

24×7 Around the Globe

20 වැනි සංශෝධනය එරෙහිව ඒකාබද්ධය ශ්‍රේෂ්ඨාධිකරණයට..

පළාත් සභා සියල්ලෙහිම මැතිවරණය එක්‌ දිනයකදී පැවැත්වීමට ආණ්‌ඩුව ගෙන ඒමට සූදානම් වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ විසිවැනි (20) සංශෝධනය ජනමත විචාරණයකට යොමු කරන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්‍ෂය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවැරීමට තීරණය කළ බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ඊයේ (08) පිවිතුරු හෙළ උරුමය මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවක එක්වෙමීන් පවසා සිටියේය.

ඉදිරිපත් කිරීමට සූදානම් වන 20 වැනි සංශෝධනය ජනතාවගේ ඡන්ද බලය සහ පරමාධිපත්‍යය ගැන කියෑවෙන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 3 වැනි වගන්තියට පටහැනි වන බවත් ,1982 දී ලාම්පු කළගෙඩි ඡනමත විචාරණය පැවැත්වීමට සිද්ධ වුණෙත් පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීම ව්‍යවස්‌ථාවේ 3 වැනි වගන්තියට පටහැනි වූ නිසා යෑයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එ අනුව 20 වන සංශෝධනය සම්මත වුවහොත් පළාත් සභා මැතිවරණය 2019 සැප්තැම්බර් දක්‌වා කල් යන බවද හෙතෙම මෙහිදි පෙන්වා දුන්නේය.

(DE සිල්වා)