හිටපු මුදල් අමාත්‍ය හා වර්තමාන විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ ජනාධිපතිතුමා වැදගත් තීන්දුවක් ගනු ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (08) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමීන් ප්‍රකාශ කළේය.
ඒ අනුව රටේ ජනතාව මේ මොහොතේ අපේක්ෂා කරන නිවැරදි තීන්දුව ජනාධිපතිතුමා ගනු ඇතැයිද ඇමැතිවරයා කීවේය.
“රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංගය එන්න කලින් වෙන්න ඕනෑ දේවල් ගොඩක් තිබෙනවා. අපි කලබල විය යුතු නෑ. එහෙම නොවෙනව නම් අපි එදා හිටපු ස්ථාවරය පරිදිම ක්‍රියා කරනවා. එදා හිටපු මහ බැංකු අධිපතිවරයා ජනාධිපතිතුමා විසින් ඉවත් කළේ ඔහු තබාගෙන මේ ගැන පරික්ෂණ නොකළ යුතුය යන පදනම මතයි. ඒ නිසා ඉදිරි සති දෙක තුළ ජනාධිපතිතුමා නිවැරදි තීන්දුව ගනියි. හිටපු මහ බැංකු අධිපතිවරයා ඉවත් කරන්න තීන්දුව ගත්ත වගේම මෙහිදී ද ජනාධිපතිතුමා තීන්දුවක් ගනියි”.
(DE සිල්වා)








