FAST NEWS

24×7 Around the Globe

රවීගේ විශ්වාසභංගයේ නීති ප්‍රශ්න අැතැයි කතානායක පාර්ලිමේන්තුවට කියයි..

හිටපු මුදල් අමාත්‍ය හා වර්තමාන විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණනායක මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේ නීති ප්‍රශ්න මතුව ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා අද (08) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කථානායකවරයා සඳහන් කළේය.

එසේම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නොදමා ඇත්තේ ඇයි දැයි අනුර කුමාර නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමීන් කතානායකවරයා සඳහන් කළේ මේ පිළිබඳව බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා පාර්ලිමේන්තුවට දැනුම් දිය හැකි වන බවය.

නීති ප්‍රශ්න සෙවීමට ප්‍රථම එය න්‍යාය පත්‍රයට දැමිය යුතු බව අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කර සිටි අතර ,එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසුවේ විශ්වාසභංගය පිළිබඳව අවසන් තීරණය කතානායකට ගත හැකි බවය.

(DE සිල්වා)