FAST NEWS

24×7 Around the Globe

අරණායක බස් අනතුරකින් කාන්තාවක් මරුට – 09 ක් රෝහලේ..

අද (08) උදෑසන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව අරණායක, උස්සාපිටිය ප්‍රදේශයේ ඇළකට පෙරළීමෙන් අනතුරක් සිදුව ඇති බව අරණායක පොලීසිය පවසයි.

මෙම අනතුරින් බස් රථයේ ගමන්ගත් කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා මාවනැල්ල රෝහලේ ප්‍රතිකර ලබයි.

(DE සිල්වා)