ඇමැති රවි කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්‌ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ඇතුළු තීරණාත්මක කරුණු කිහිපයක් සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්‌ෂ නායක රැස්‌වීමක් අද (08 දා) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ.
කථානායක කරු ජයසූරිය මහතාගේ උපදෙස් මත මෙම රැස්‌වීම කැඳවා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
(DE සිල්වා)








