FAST NEWS

24×7 Around the Globe

ගැසට් නිවේදනය නිකුත් වෙයි – පළාත් සභා ජන්දය කල් යයි..

සියලුම පළාත් සභා මැතිවරණ එකම දිනයකදී පැවැත්වීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

ඒ අනුව ඔක්තෝම්බරයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ සබරගමුව, උතුරුමැද සහ නැගෙනහිර යන පළාත් සභා 03 හි මැතිවරණ ද කල් යනු ඇත.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය ලෙස ජුලි 28 වන දා ප්‍රකාශයට පත් කර ඇති මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ අගෝස්තු 03 වන දා නමීන් නිකුත්ව තිබේ.

එ අනුව සියලුම පළාත් සභාවල නියෝජිතයන් එකම දිනයකදී තෝරා ගැනීමට යෝජනා කර ඇති අතර, අදාළ දිනය පාර්ලිමේන්තුව මගින් තීරණය කරනු ලබන බව එහි සඳහන් වේ.

සියලුම පළාත් සභා එකම දිනයකදී විසුරුවා හැරීම මෙ අනුව සිදුවන අතර එම විසුරවිමේ දිනය අවසන් වරට ව්‍යවස්ථාපිත පළාත් සභාවේ කාලසීමාව නිම වන දිනය නොඉක්මවිය යුතු බවද එම ගැසට් පත්‍රය මගින් අවධාරණය කර තිබේ.‍

එසේම සියලුම පළාත් සභා විසුරුවා හැරෙන දිනයට ප්‍රථම නිල කාලය අවසන් වන පළාත් සභාවල එම නිළ කාලය අදාළ දිනය දක්වා දීර්ඝ කෙරෙන බවද එම නිවේදනයෙහි සඳහන් වේ.

(DE සිල්වා)