FAST NEWS

24×7 Around the Globe

මහනුවර අවසන් රන්දෝළි පෙරහර අදයි..

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ අවසන් රන්දෝළි පෙරහර අද(07) වීථි සංචාරය කිරීමට නියමිතය.

දියවඩන නිලමේ නිලංග දෑල පෙරහර මංගල්‍යය සම්බන්ධයෙන් ඊයේ(06) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ රාත්‍රී 7.53 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්වන බවයි.

යටිනුවර වීදිය, කන්දෙ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් ගන්නා පෙරහර රජ වීදියෙන් ඉහළ පැමිණ මාළිගාවට ගෙවදීමට නියමිතය.

අනතුරුව අලුයම 1.15 ට දකුණු දිශාභිමුඛව ශ්‍රී ධන්ත ධාතු මන්දිරයේ පෙරහර සිව් දේවාලයන් පෙරහර සමග පිටත්ව දළදා වීදිය, ඩී. එස්. සේනානායක වීදිය ඔස්සේ ගොස් දළදා කරඬුව, ගෙඩිගේ විහාරයේ සිරිත් පරිදි එහි තැන්පත් කිරීමට නියමිතය.

අනතුරුව සිව් දේවාලයන්හි පෙරහර නැවත දේවාලවලට පැමිණ දේව පූජාව පැවැත්වීමෙන් පසු ගැටඹේ තොටට ගොස් දිය කැපීමේ මංගල්‍යය සිදුකර නැවත ගණදෙවි කෝවිලට පැමිණීමට නියමිතය.