FAST NEWS

24×7 Around the Globe

අර්ධ චන්ද්‍රග්‍රහණයක් අද සිදුවීමට නියමිතයි..

ශ්‍රී ලංකාව ඇතුලු ආසියානු රටවලට අද(07) අර්ධ චන්ද්‍රග්‍රහණයක් දිස්වෙන බව වාර්තා විය.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න ප්‍රකාශ කළේ මෙය යුරෝපය සහ අප්‍රිකාවේ රටවලට ද දැක ගත හැකි වනු ඇති බවයි.

අද චන්ද්‍රග්‍රහණය රාත්‍රී 9.20ට ආරම්භ වන අතර, එහි අවසානය හෙට අලුයම 2.21ට සිදුවීමට නියමිතය.

මෙම අර්ධ චන්ද්‍රග්‍රහණයෙන් පසු 2018 ජනවාරි 31 සහ ජුලි 27 යන දිනයන් හිදී පූර්ණ චන්ද්‍රග්‍රහණ දෙකක් ශ්‍රී ලංකාවාසීන්ට දැකගැනීමට හැකිවෙයි.