FAST NEWS

24×7 Around the Globe

සහල් සඳහා උපරිම සිල්ලර මිල ගැසට් කෙරේ..

සහල් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ගැසට් කර ඇති බවත් පසුගිය 4 වැනිදා සිට එය බලපැවැත්වෙන බවත් පාරිභෝගික අධීකාරිය පවසයි.

දේශීයව නිෂ්පාදනය කරන සම්බා සහල් කිලොග්‍රෑම් එකක් සඳහා රුපියල් 90ක උපරිම සිල්ලර මිලක් සහ ආනයනික සම්බා සහල් සඳහා රුපියල් 80ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

දේශීය නාඩු සහල් කිලෝග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ රුපියල් 80ක් වන අතර ආනයනික නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 75ක් ලෙසද දේශීය කැකුළු සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 78ක උපරිම සිල්ලර මිලක් සහ ආනයනික කැකුළු සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 65ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

මෙම උපරිම සිල්ලර මිලට වැඩියෙන් සහල් අලෙවි නොකරන ලෙසත් මිල ප්‍රදර්ශනය කරන ලෙසත් අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත. ඒ අනුව උපරිම සිල්ලර මිලට වඩා කිසිම නිෂ්පාදකයකු-ආනයනකරුවකු-බෙදාහරින්නකු හෝ වෙළෙන්දකු අදාළ සහල් වර්ග වෙළෙඳාම් කිරීම තහනම් බව පාරිභෝගික අධිකාරිය වැඩදුරටත් සඳහන් කළේය.