FAST NEWS

24×7 Around the Globe

විශ්ව විද්‍යාල සිසුන් තිදෙනෙකු ඇප මත මුදා හැරේ..

සයිටම් විරෝධි පාගමනක් අතරතුර සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී රුපියල් ලක්ෂ 8 පමණ පොදු දේපල වලට අලාභ හානි කරන ලදැයි සැකපිට රිමාන්ඩ් බාරයේ පත් කර  සිටි විශ්ව විද්‍යාල තිදෙනෙකු ඇප මත මුදා හැරිමට කොළඹ මහාධිකරණය අද (04)  නියෝග කළේය.

ෆයිසාන් අහමඩ්, දිමුතු ලක්ෂාන්, දිනේෂ් මදුරංග නැමැති සිසුන්රුපියල් දසදහස බැගින් වු මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වටිනා ඇපකරුවන් තිදෙනෙකු සහිත ශරිර ඇප මත මෙලෙස මුදා හැරිමට නියෝග කෙරුණී.

ලහිරු වීරසේකර හා තැන්පිටියේ සුගතානන්ද හිමි ඉදිරිපත් කළ ඇප ඉල්ලීම 8 වැනි දා  සළකා බලන බව අධිකරණය සඳහන් කළේය.

(DE සිල්වා)