FAST NEWS

24×7 Around the Globe

සංශෝධිත දේශීය ආදායම් පනතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට අනුකූල නෑ..

සංශෝධිත දේශීය ආදායම් පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති ඇති බව කථානායකවරයා අද (04) පෙරවරුවේ පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කළ යුතු නම් විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවත් නිර්දේශ කර ඇත.

නොමැති නම් එම වගන්ති සංශෝධනය සිදුකළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශය වී ඇති බව කථානායක වරයා දැනුම් දී තිබේ.

(DE සිල්වා)