FAST NEWS

24×7 Around the Globe

අන්තරේ පාගමනට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කෙරේ..

ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රජයේ ආයතනවලට ඇතුළුවීම වළක්වාලමින්කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (04) අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට තහනම් නියෝගයක් නිකුත් කළේය.

එසේම වාහන ගමනාගමනයට හා පොදු මහජනතාවට හිරිහැර නොවන ලෙස කටයුතු කරන්නැයිද අධිකරණය නියෝග කළේය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පේරාදෙණියෙන් පසුගිය (31) වැනිදා ආරම්භ කළ විරෝධතා පාගමන අද (04) දිනයේ කොළඹ නගරයට පැමිණීමට නියමිතව ඇති බැවින් ඉන් මහජනතාවට සිදුවිය හැකි පීඩා සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට දැක්වු කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමෙන් පසුව අධිකරණය විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.

(DE සිල්වා)