FAST NEWS

24×7 Around the Globe

රවී ඉවත් නොකලොත් එජාප මැති ඇමතිවරු කණ්ඩායමකින් දැඩි තීන්දුවක්..

ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ විමර්ශනයේ යෙදෙන ජනාධිපති කොමිසමේදී හිටපු මුදල් අමාත්‍ය හා වර්තමාන විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා සම්බන්ධයෙන් හෙළි වූ කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු සහ මන්ත්‍රීවරු පිරිසක් දැඩි තීරණයකට පැමිණ ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

එ අනුව රවි කරුණානායක මහතා වහාම අමාත්‍ය ධුරයෙන් ඉවත් නොකළහොත් ඔහුට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් ඉදිරිපත් කළ විශ්වාසභංගයට පක්ෂව තම ඡන්දය පාවිච්චි කරන බව එ.ජා.ප සාමාජිකයන් පිරිස අද (04) දිනයේ දී පක්ෂ නායකත්වයට දැනුම් දෙනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

එසේම එක්සත් ජාතික පක්ෂයේ පිරිසුදු බව තහවුරු කළ යුතු බව මෙම කණ්ඩායමේ අදහස වී ඇති බවද වැඩි දුරටත් පැවසේ.

(DE සිල්වා)