FAST NEWS

24×7 Around the Globe

නව කැලණි පාලම මත පුවරුවක් කඩා වැටි දැඩි රථ වාහන තදබදයක් ..

අද (04) පෙරවරු නව කැලණි පාලම මත සවි කර තිබූ පුවරුවක් කඩා වැටීම හේතුවෙන් නුවර පාරේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ.

මෙම පුවරුව ධාවනය වෙමීන් පැවති වාහනයක් මතට කඩා ඇති බව පොලිසීය පවසයි.

එම නිසා කොළඹට ඇතුළුවන රථ වාහන නවලෝක වටරවුමෙන් ජපන් මිත්‍රත්ව පාලම ඔස්සේ කොළඹට පැමිණිය යුතු බවද පොලීසය කියයි.

පවතින වාහන තදබදය අවමකර ගැනිම සදහා හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් විශේෂ ඉල්ලීමක් ද කරයි.

(DE සිල්වා)